Major scales
Scale එකක් යනු octave පරාසයක් තුල ක්රමාණුකූලව පෙලගස්වනලද ස්වර සමූහයක් ලෙස සරලව හැඳින්විය හැකිය. බටහිර සංගීතයේ Major සහ Minor වශයෙන් මූලික ස්කේල්ස් වර්ග දෙකක් ඇති අතර නූතන Major-minor key ක්‍රමය සඳහා පදනම් වන්නේ මෙම ස්කේල්ස් වර්ග දෙකයි.
ස්කේල් එකක් මූලික වශයෙන් ගොඩනැගෙන්නේ සමාන ස්වර නාම වලින් යුක්තවූ ස්වර දෙකක් (එනම් එකම pitch class එකට අයත් ස්වර දෙකක්) අතර ඇති සංඛ්‍යාත පරාසය තුලයි.
උදාහරණයක් ලෙස පහත දැක්වෙන්නේ C ස්වර දෙකක් අතර පරාසය තුල ගොඩනැංවෙන C major scale එකයි.
The scale of C major
C major ස්කේලය ස්වර පුවරුව මත පිහිටන ආකාරය.
C මේජර් ස්කේල් එක මුළුමනින්ම ගොඩනැගෙන්නේ ප්‍රකෘති ස්වර හෙවත් natural notes වලිනි. නැචුරල් නෝට්ස් වලින් පමණක් ගොඩනැංවෙන එකම මේජර් ස්කේල් එක වන්නේද C මේජර් ස්කේල් එකයි.
ඉහත C major scale එකෙහි යාබද ස්වර අතර ඇති දුර ප්‍රමාණය පිළිබඳව අවදානය යොමු කලහොත් එහි තුන්වන සහ හතරවන ස්වර අතරත්, හත්වන සහ අටවන ස්වර අතරත් පිහිටන්නේ semitones හෙවත් අර්ධ පියවර බව නිරීක්ෂණය කල හැකිය (අනෙක් සෑම යාබද ස්වර දෙකක් අතරම පිහිටන්නේ tone හෙවත් පූර්ණ පියවර වේ).
C major scale එකෙහි ස්වර අතර පවතින ඉහත tone – semitone රටාව සෑම මේජර් ස්කේලයකටම පොදු වූවකි. එබැවින් මෙම රටාව මතක තබාගැනීමෙන් ස්වර පුවරුව මත ඕනෑම යතුරක් මතින් ආරම්භ වන මේජර් ස්කේල් එකක් පහසුවෙන් ගොනංවාගත හැකිය.
උදාහරණයක් ලෙස පහත දැක්වෙන්නේ G ස්වර දෙකක් අතර ඇති octave පරාසය තුල ගොඩනංවන ලද G major ස්කේලයයි. මෙහිදී ස්වරස්තාන අතර මේජර් ස්කේලයට අයත් tone – semitone රටාව පවත්වාගැනීම සඳහා එක කළු පැහැති යතුරක් භාවිතා කිරීමට සිදුවී ඇත (මෙම යතුර නම්කරන ආකාරය පසුව විස්තර වේ).
පහත දැක්වෙන්නේ ස්වර පුවරුව මත ගොඩනංවා ඇති D major scale එකයි. මෙහිදී ස්වරස්තාන අතර නියමිත රටාව පවත්වාගැනීමට කළු පැහැති යතුරු දෙකක් භාවිතා කිරීමට සිදුවී ඇත.
ඉහත ආකාරයට මේජර් ස්කේල් එකකට අදාල tone – semitone රටාව අනුගමනය කිරීම මගින් ස්වර පුවරුව මත ඕනෑම යතුරක් මතින් ආරම්භ වන major scale එකක් ඉතා පහසුවෙන් ගොඩනැංවිය හැකිය.
Major scales ගොඩනැංවීමේදී ටෝන්-සෙමිටෝන් රටාව අනුගමනය කිරීම මෙන්ම major scale එකකට ආවේණික වූ හඬ සිහියේ තබාගැනීමද වැදගත්ය. හඬ පිළිබඳ අවබෝදය සඳහා පහත දැක්වෙන්නේ අහඹු ලෙස විවිද ස්වර මතින් ආරම්භ කර ආරෝහණව සහ අවරෝහණව වාදනය කර ඇති major scales කිහිපයක්ය. මෙම සෑම මේජර් ස්කේල් එකකම හඬ එකහා සමාන වන අතර වෙනස් වන්නේ ඒවා ගොඩනැගෙන සංඛ්‍යාත පරාසයන් පමණි.
ස්වර පුවරුවෙහි ඕනෑම යතුරක් මතින් ආරම්භ වන මේජර් ස්කේල් එකක් නිවැරදිව වාදනය කිරීමේ හැකියාව මෙන්ම ඒවායේ ස්වර නිවැරදිව නම් කිරීමේ හැකියාවද වැදගත්ය.
ස්කේල් එකක ස්වර නම් කිරීමේදී අවස්තා කිහිපයකදී හැරුණු කොට සුදු පැහැති යතුරු සම්බන්දව එතරම් ගැටළුවක් පැන නොනගී. ගටළුව මතුවන්නේ කළු පැහැති යතුරු සම්බන්දවය. මීට හේතුව ඕනෑම කළු පැහැති යතුරක් sharp සහ flat ලෙස ආකාර දෙකකට හැඳින්විය හැකි වීමයි (ඇතැම් කළු පැහැති යතුරු ආකාර තුනකට හැඳින්විය හැකි අතර මේ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් enharmonic equivalents නම් ලිපියෙහි අඩංගු වේ).
උදාහරණයක් ලෙස G මේජර් ස්කේල් එකෙහි හත්වන ස්වරය වශයෙන් ඇති කළු පැහැති යතුර හැඳින්විය යුත්තේ F sharp ලෙසද? නැතිනම් G flat ලෙසද?
Major scale එකක් යනු ඩයටොනික් (diatonic) වර්ගයේ ස්වර මාලාවකි. ඩයටොනික් ස්කේල් එකක ස්වරස්තාන හතක් අඩංගුවේ (අටවන ස්වරය යනු ඔක්ටේව් එකක් ඉහලින් වාදනය වන පළමු ස්වරස්තානයමය). මේජර් ස්කේල් එකක් වාදනය කරන විට එය අපට ඇසෙන්නේ එක ස්වරයකට පසු තවත් ස්වරයක් වශයෙන් පියවරෙන් පියවර, ක්රමාණුකූලව ගමන්කරන ස්වරමාලාවක් ලෙසය. එබැවින් major scale එකක් සටහන් කිරීමේදීද මෙම කරුණ ප්‍රකට වන අයුරින් එය සටහන් කල යුතුය (එනම් ස්කේල් එක වාදනය කරන විට අපට ඇසෙන දෙය ස්වර-අක්ෂර මගින් සංකේතාත්මකව ප්‍රකාශ කල යුතුය). මෙය සිදුකරන්නේ ස්කේල් එක සටහන් කිරීමේදී ඉංග්‍රීසි හෝඩියේ ABCDEFG (G ට පසු නැවතත් පැමිනෙන්නේ A අකුරයි) යන අකුරු අනුපිළිවෙල සෑම විටම පවත්වාගැනීමෙනි. කුමණ ස්වරයක් මතින් ස්කේල් එක ආරම්භ වුවද මෙම අනුපිළිවෙල වෙනස් වන්නේ නැත. පහත රූප සටහන මගින් මෙය අවබෝද කරගත හැකිය.
මේ අනුව ඉහත G major scale එක තුල වාදනය වන කළු පැහැති යතුර නිවැරදිව නම් කිරීම ඉතා පහසුය. G මේජර් ස්කේල් එකෙහි ආරම්භක ස්වරය G බැවින් එහි අකුරු අනුපිළිවෙල පහත පරිදි විය යුතුය.
G A B C D E F G
ස්වර පුවරුව මත G major scale එක වාදනය කල විට කළු පැහැති යතුර මගින් වාදනය වන්නේ එහි හත්වන ස්වරස්තානයයි. එමෙන්ම ඉහත අකුරු අනුපිළවෙලෙහි හත්වන අකුර වන්නේ F ය.
එබැවින් F sharp සහ G flat යන ස්වර නාම දෙකෙන් නිවැරදි ස්වර නාමය F sharp ය. මේ අනුව G මේජර් ස්කේල් එක ලියා දක්වන්නේ පහත පරිදිය.
The scale of G major – G A B C D E F# G
Scales පිළිබඳ න්‍යායික පාර්ශවය පිළිබඳව අවදානය යොමු කලහොත් G මේජර් ස්කේල් එක නිර්මාණය වීමේදී සිදුවන්නේ natural අවස්තාවේ පවතින F ස්වරය තීවර (raise) වී එය ෂාප් ස්වරයක් බවට පත්වීමයි. එබැවින් එය G flat ලෙසින් හැඳින්වීම වැරදිය. G flat ලෙසින් නම්කලහොත් ඉන් ගම්‍ය වන්නේ අටවන ස්වරය කෝමළ (lower) වී ඇති බවකි.
Major scales සම්බන්ද තවත් වැදගත් කරුණක් වන්නේ කිසිදු major scale එකක් තුල sharp සහ flat යන ස්වර දෙවර්ගය එකවිට නොපැවතීමයි.
උදාහරණයක් ලෙස පහත දක්වා ඇත්තේ D major සහ B flat major යන ස්කේල්ස් දෙකයි. D major scale එකෙහි sharp ස්වර ඇත. Bb major scale එකෙහි flat ස්වර ඇත. නමුත් එකම ස්කේල් එක තුල sharp සහ flat යන ස්වර දෙවර්ගයම නැත.
එබැවින් මේජර් ස්කේල් එකක් සටහන් කල පසු ඒ තුල sharp සහ flat යන ස්වර දෙවර්ගයම ඇතිනම් හෝ අකුරු අනුපිළිවෙල නිවැරදිව නැතිනම් එහි අදහස කොතැනක හෝ වරදක් සිදුවී ඇති බවයි. උදාහරණයක් ලෙස පහත දැක්වෙන්නේ A major scale එකෙහි දෝෂ සහගත නම්කිරීමකි.
ඉහත ස්වර නාමකරණය තුල අකුරු අනුපිළිවෙල නිවැරදිව නොතිබීම සහ එකම ස්කේල් එක තුල ෂාප් සහ ෆ්ලැට් යන ස්වර දෙවර්ගයම පිහිටීම යන ලක්ෂණ දෙකම ඇත.
ඉහත ආකාරයේ වැරදීම් වලින් තොරව ස්කේල් එකක ස්වර නිවැරිදිව නම් කිරීම සරල පියවර දෙකක් අනුගමනය කිරීම තුලින් සිදුකල හැක.
පළමු පියවර – අදාල ස්කේල් එකෙහි අකුරු අනුපිළිවෙල ප්‍රථමයෙන් සටහන් කිරීම.
මෙම පියවරේදී සිදුවන්නේ සටහන් කිරීමට අවශ්‍ය ස්කේල් එකෙහි ෂාප් හෝ ෆ්ලැට් ස්වර ගැන නොසිතා ස්කේල් එකට අදාල අකුරු අනුපිළිවෙල පමණක් නිවැරදිව සටහන් කිරීමයි.
උදාහරණයක් ලෙස සටහන් කිරීමට අවශ්‍ය E major scale එක නම් එහි අකුරු අනුපිළිවෙල පහත පරිදිය.
දෙවන පියවර – sharp – flat සළකුණු සටහන් කිරීම
දෙවන පියවරේදී සිදුකල යුත්තේ අදාල අකුරු ඉදිරියෙන් ෂාප් හෝ ෆලැට් සළකුණු සටහන් කිරීමයි.
ඉහත උදාහරණ වශයෙන් ගත් E major scale එක ස්වර පුවරුව මත වාදනය කිරීමේදී කළු පැහැති යතුරු මගින් වාදනය වන්නේ දෙවන, තුන්වන, හයවන සහ හත්වන ස්වරස්තානයි. එමෙන්ම ඉහත අකුරු අනුපිළිවෙල තුල දෙවනුව, තුන්වනුව, හයවෙනුව සහ හත්වෙනුව ඇත්තේ F,G,C සහ D යන අකුරුය.
මේ අනුව E major scale එකෙහි නිවැරදි ස්වර නාමකරණය පහත පරිදිය.
ස්වර පුවරුවෙහි එකම යතුරක් නම් දෙකකින් හැඳින්වීම බොහෝ විට දැකිය හැක්කේ කළු පැහැති යතුරු සම්බන්දවය. නමුත් ඇතැම් අවස්තා වලදී සුදු පැහැති යතුරු මතද මෙම තත්වය දැකිය හැක. උදාහරණයක් ලෙස පහත දැක්වෙන්නේ F# ස්වරය මතින් ආරම්භ වන F sharp major scale එකයි.
ඉහත ස්කේල් එකෙහි ආරම්භක ස්වරය F sharp බැවින් ස්වර වලට අදාල අකුරු අනුපිළිවෙල පහත පරිදිය.
F G A B C D E F
ඉහත අනුපිළිවෙල තුල හත්වෙනුව ඇත්තේ E අකුරයි. නමුත් ස්වර පුවරුව මත F sharp major scale එකෙහි හත්වන ස්වරස්තානය පවතින්නේ සාමාන්‍ය අවස්තා වලදී F ලෙසින් හදුන්වන සුදු පැහැති යතුර මතයි. නමුත් මෙම සුවිශේෂ අවස්තාව තුලදී අදාල ස්වරය F ලෙස හැඳින්වීම ස්කේල් එකක ස්වර නම්කිරීම පිළිබඳ මූලික නීතියට පටහැනි බැවින් මෙහිදී එය නම් කරන්නේ E sharp ලෙසිනි.
Scales වල ස්වර නාමකරණයේදී ඇතිවිය හැකි තවත් ගැටළුවක් වන්නේ කළු පැහැති යතුරු මතින් මේජර් ස්කේල් එකක් ආරම්භ වීමේදී ආරම්භක ස්වරය හඳුන්වන්නේ කුමණ ආකාරයකටද යන්නයි.
උදාහරණයක් ලෙස පහත මේජර් ස්කේල් එකෙහි ආරම්භක ස්වරය D sharp ද? එසේ නැතහොත් E flat ද? එසේත් නැතිනම් ආකාර දෙකටම හැඳින්විය හැකිද?
ඉහත ගැටළුව සඳහා නිවැරදි අවබෝදයක් ලබාගැනීමට නම් scales සහ key signatures නිර්මාණය වීම පිළිබඳ සාම්ප්‍රදායික න්‍යාය වෙත අවදානය යොමුකල යුතුය. මෙය වෙනම පාඩමක් තුලින් සාකච්ඡා කල යුතු දෙයක් වන බැවින් මෙහි ඒ පිළිබඳව විස්තර නොවේ. නමුත් සාමාන්‍ය අවබෝදය සඳහා පහත දැක්වෙන්නේ සාම්ප්‍රදායික බටහිර සංගීත න්‍යාය තුල ගොඩනැංවෙන සියළුම major scales ය.
කිසිදු Sharp හෝ flat ස්වරයක් අඩංගු නොවන major scales.
C major
Sharp ස්වර අඩංගු වන major scales
G major – එක ෂාප් ස්වරයක් අඩංගු වේ.
D major – ෂාප් ස්වර දෙකක් අඩංගු වේ.
A major – ෂාප් ස්වර තුනක් අඩංගු වේ.
E major – ෂාප් ස්වර හතරක් අඩංගු වේ.
B major – ෂාප් ස්වර පහක් අඩංගු වේ.
F sharp major – ෂාප් ස්වර හයක් අඩංගු වේ.
C sharp major. – ෂාප් ස්වර හතක් අඩංගු වේ.
Flat ස්වර අඩංගු වන major scales
F major – එක ෆ්ලැට් ස්වරයක් අඩංගු වේ.
B flat major – ෆ්ලැට් ස්වර දෙකක් අඩංගු වේ.
E flat major – ෆ්ලැට් ස්වර තුනක් අඩංගු වේ.
A flat major – ෆ්ලැට් ස්වර හතරක් අඩංගු වේ.
D flat major – ෆ්ලැට් ස්වර පහක් අඩංගු වේ.
G flat major – ෆ්ලැට් ස්වර හයක් අඩංගු වේ.
C flat major – ෆ්ලැට් ස්වර හතක් අඩංගු වේ.
ඉහත ස්කේල්ස් අතිරින් ස්වර පුවරුවේ කළු පැහැති යතුරු මතින් ආරම්භ වන ස්කේල්ස් පහත ඒවාය .
ඉහත කළු පැහැති යතුරු මතින් ආරම්භ වන ස්කේල්ස් අතර D sharp, G sharp හෝ A sharp major යනුවෙන් ස්කේල්ස් නොමැත. එබැවින් මීට පෙර සඳහන් කරනලද ස්කේල් එකෙහි ආරම්භක ස්වරය විය යුත්තේ (සාම්ප්‍රදායික න්‍යායට අනුව) E flat ය.
* Scales සහ key signature පිළිබඳ සම්මත න්‍යාය අනුව D sharp, G sharp හෝ A sharp ලෙසින් මේජර් ස්කේල්ස් නොපැවතියද බටහිර සංගීත න්‍යාය තුලම ඇති ඇතැම් තත්වයන් මත එම scales ද පැවතිය හැකි බවට තර්ක කල හැකිය. උදාහරණයක් ලෙස D sharp minor ලෙසින් මයිනර් ස්කේල් එකක් පවතින බැවින් parallel major – minor සංකල්පයට අනුව D sharp major යනුවෙන්ද ස්කේල් එකක් පැවතිය යුතු බවට තර්ක කල හැක.
Comments
Post a Comment