ස්වර පුවරුව
පහත
දැක්වෙන්නේ යතුරු හැට එකකින් යුතු ස්වර පුවරුවක රූප සටහනකි.
ස්වර
පුවරුවක් මත යතුරු වර්ග දෙකක් දැකිය හැක.
1. සුදු පැහති
යතුරු (White keys).
2. කළු පැහැති
යතුරු (Black keys).
සුදු පැහැති
යතුරු මගින් බොහෝ විට වාදනය කරනු ලබන්නේ ප්‍රකෘති තත්වයෙහි පවතින මූලික ස්වර (notes) සතයි (“බෙහෝ විට” යනුවෙන්
සඳහන් කලේ ඇතැම් අවස්තා වලදී මෙය වෙනස් වන බැවිනි).
මෙම ප්‍රකෘති
ස්වර හත ABCDEFG යන ඉංග්‍රීසි
හෝඩියෝ මුල් අකුරු හත මගින් සංකේතවත් කරයි. නමුත් බටහිර සංගීතයේදී C ස්වරයට යම් වැදගත් කමක් ලැබෙන බැවින් මෙම
අනුපිළිවෙල බොහෝ විට ලියා දක්වන්නේ පහත ආකාරයටය.
C
D E F G A B
ඉහත ප්‍රකෘති
ස්වර හත ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ නැචුරල් නෝට්ස් (natural notes) යන නමිනි.
කළු පැහැති
යතුරු මගින් sharp (#) සහ flat (b) යන වර්ග වලට අයත් ස්වර වාදනය කරයි. මෙම sharp – flat ස්වර ඇතිවන්නේ ප්‍රකෘති ස්වර වල සංඛ්‍යාතයන්
වැඩි හෝ අඩු වීමෙනි.
ස්වර හඳුනාගැනීම
ස්වර
පුවරුවක් මත යතුරු කොපමන සංඛ්‍යාවක් තිබුනද ඒ මත ඇති ස්වර වෙන්කර හඳුනාගැනීම ඉතා
පහසුය. මේ සඳහා අපට උපකාරී වන්නේ ස්වර පුවරුව මත පිහිටි කළු පැහැති යතුරුය.
ස්වර
පුවරුවක් මත කළු පැහැති යුතුරු ගොනුවී ඇත්තේ එක්තරා රටාවකට අනුවය. එනම් 2 – 3, 2 – 3 ආදී වශයෙනි.
පහත දැක්වෙන්නේ මෙම රටාව මගින් C සහ F යන ස්වර
හදුනාගන්නා ආකාරයයි. සෑම කළු පැහැති යතුරු දෙකේ ගොනුවකටම වම් පසින් C ස්වරයද, සෑම කළු පැහැති යතුරු තුනේ ගොනුවකටම වම් පසින් F ස්වරය ද පිහිටයි.
C
සහ F ස්වර හඳුනාගත් පසුව ඊට අනුරූපව අනෙක් ස්වර
වල පිහිටීම පහසුවෙන් හඳුනාගත හැකිය.
ඒ අනුව බටහිර සංගීතයේ C D E F G A B යන නැචුරල් නෝට්ස් (natural notes) හෙවත් ප්‍රකෘති ස්වර හත
ස්වර පුවරුව මත පිහිටන්නේ පහත පරිදිය.
ඉහත ස්වර
හතෙන් ඔබ්බට ආරෝහණව හෝ අවරෝහණව ගමන් කරන විට නැවත නැවත අපට හමුවන්නේ පෙර පැවති
ස්වර නාමයන්ගෙන්ම යුක්තවූ ස්වරයි. උදාහරණයක් ලෙස C,D,E,F,G,A,B යන ස්වර හතට පසු නැවතත් පැමිනෙන්නේ C ස්වරය වන අතර එතැන සිට
පෙර පැවති
ස්වර රටාවම නැවත හමුවේ. මේ ආකාරයට ස්වර පුවරුවේ පහල සිට ඉහලට (වම් පස සිට දකුණු
පසට) හෝ ඉහල සිට පහලට ගමන් කිරීමේදී නැවත නැවත හමුවන්නේ එකම නාමයන් වලින් හඳුන්වන
ස්වර රටාවයි.
C D E F G A
B C D E F G A B C D
E F G A B
මේ ආකාරයට
ඉහලට සහ පහලට යන විට නැවත නැවත හමුවන එකම නමින් යුතු ස්වර එකම pitch class එකට අයත් ස්වර ලෙස හැඳින්වේ. උදාහරණයක්
ලෙස ස්වර පුවරුව මත හමුවන සෑම C
ස්වරයක්ම
අයත් වන්නේ එකම pitch class එකටය.
Middle C
Middle C යනු බටහිර
සංගීතයේ සුවිශේෂී ස්වරයකි. මෙය පියානෝ ස්වර පුවරුවෙහි මධ්‍යට ආසන්නව පිහිටයි. මෙම
ස්වරයේ සම්මත සංඛ්‍යාතය ආසන්න වශයෙන් හර්ට්ස් 261.6 ක් වෙයි. පහත දැක්වෙන්නේ මෙම මධ්‍ය C ස්වරය යතුරු හැට එකක ස්වර පුවරුවක් මතදී සහ යතුරු අසූ අටකින් යුතු පියානෝ
ස්වර පුවරුවක් මතදී හඳුනාගන්නා ආකාරයයි.
Octave
යාබදව පිහිටි එකම pitch class එකට අයත්
ස්වර දෙකක් අතර ඇති පරතරය ඔක්ටේව් (octave) එකක් ලෙස හඳුන්වයි.*** උදාහරණයක් ලෙස එක C ස්වරයක සිට ඊට ඉහලින් ඇති අනෙක් C ස්වරය අතර පරාසය octave එකකි. Octave පරාසයක් තුල ස්වරස්තාන අටක් අඩංගු වෙයි.
විද්‍යාත්මක
කෝණයකින් බැලුවහොත් octave එකක් යනු යම්
මූලික සංඛ්‍යාතයක් සහ එම සංඛ්‍යාතය ද්වීගුණ වන ස්තානය අතර ඇති සංඛ්‍යාත පරාසයයි.
උදාහරණයක් ලෙස middle C ට ඉහලින් ඇති
A ස්වරයේ සම්මත
සංඛ්‍යාතය hertz 440 ක් වන අතර
ඊට octave එකක් ඉහලින්
ඇති A ස්වරයේ සංඛ්‍යාතය
hertz 880 කි. එනම් 440 මෙන් දෙගුණයකි.
පහත රූපයේ
දැක්වෙන්නේ යතුරු 61ක ස්වර
පුවරුවක පහලම A ස්වරයේ සිට
ඉහලම A ස්වරය දක්වා
ඇති A ස්වර වල සංඛ්‍යාතයි.
ඔක්ටේව් පරාසයක් තුල සිදුවන සංඛ්‍යාත වල ද්වීගුණ වීම පිළිබඳව පැහැදිලි අදහසක්
මෙමගින් ලබාගත හැකිය.
ස්වර අතර දුර
මැනීමේ මිම්මක් ලෙස මෙම ඔක්ටේව් යන සංකල්පය ඇතැම් විට භාවිතා වෙයි. උදාහරණයක් ලෙස
පහත දැක්වෙන A ස්වර දෙක අතර
පරතරය (හෝ දුර) octaves දෙකකි.
Tone සහ semitone
Tone
සහ semitone යනුවෙන් හඳුන්වන්නේ ස්වර දෙකක් අතර දුර
මැනීම සඳහා යොදාගන්නා තවත් මිනුම් දෙකකි. Tone එකක් යනු සම්පූර්ණ පියවරක් වන අතර semitone එකක් යනු අර්ධ පියවරකි (whole
step සහ half step යනු මේ සඳහා භාවිතා වන තවත් නම් දෙකකි.
විශේෂයෙන් ඇමරිකානු සම්ප්‍රදාය තුල භාවිතා වන්නේ මෙම නාමකරණයයි).
ඒ අනුව semitone දෙකක එකතුව tone එකකට සමාන වේ.
ස්වර පුවරුව
මත tone සහ semitone හෙවත් පූර්ණ පියවර සහ අර්ධ පියවර පිහිටන
ආකාරය පහත රූප සටහන බලා අවබෝද කරගත හැකිය.
ඕනෑම ස්වර
දෙකක් අතර දුර මැනීම සඳහා මෙම tone
සහ semitone භාවිතා කල හැකිය. නමුත් මෙයින් දුර මැනීම
සඳහා වැඩියෙන්ම භාවිතා වන්නේ semitones
ය. උදාහරණයක්
ලෙස E ස්වරයේ සිට A ස්වරය දක්වා ඇති දුර ප්‍රමාණය සෙමිටෝන්
පහකි (සෙමිටෝන් වලින් දුර මැනීමේදී ආරම්භක ස්වරය ගත යුත්තේ 0 ලෙසිනි).
Sharp ස්වර සහ Flat ස්වර
ස්වරපුවරුව මත කළු පැහැති යතුරු මගින් වාදනය කරන්නේ sharp සහ flat ස්වරයි. මෙම ෂාප් සහ ෆ්ලැට් ස්වර ඇති වන්නේ ඉහත සදහන් කරනල
ද ප්‍රකෘති ස්වර වල සංඛ්‍යාතයන් semitones වලින් තීව්ර හෝ කෝමළ කිරීම (raise හෝ lower කිරීම) මගිනි.
උදාහරණයක් ලෙස natural A ස්වරයේ සංඛ්‍යාතය
සෙමිටෝන් එකකින් raise කල විට එය A sharp (A#) ලෙසින් හඳුන්වන අතර, එම ස්වරයේ සංඛ්‍යාතය සෙමිටෝන් එකකින් lower කල විට එය A flat (Ab) ලෙසින්
හඳුන්වයි. ස්වර පුවරුව මතදී A
sharp පිහිටන්නේ
නැචුරල් A ස්වරයට semitone එකක් ඉදිරියෙන් ඇති කළු පැහැති යතුර මත වන
අතර, A flat පිහිටන්නේ
නැචුරල් A ස්වරයට
සෙමිටෝන් එකක් පසුපසින් ඇති කළු පැහැති යතුර මතයි.
පහත
දැක්වෙන්නේ මෙම ෂාප් සහ ෆ්ලැට් ස්වර සංකේතවත් කිරීම සඳහා භාවිතා වන සළකුණු
නිවැරදිව ලියන ආකාරයයි.
·
Sharp සහ flat සළකුණු නැවැරදිව සටහන් කරන්නේ ඉහත ආකාරයට වුවද පරිගණකය මත අදාල සංකේත ටයිප්
කිරීමේදී මේ සඳහා බොහෝ විට භාවිතා වන්නේ # සහ b යන සළකුණුය (hash සළකුණ සහ
සිම්පල් b).
ඉහත ආකාරයට
ඕනෑම ප්‍රකෘති ස්වරයක් raise හෝ lower කිරීම මගින් එම ස්වරය sharp හෝ flat තත්වයට පත්කල හැකිය. Sharp
ස්වරයක් සෑම
විටම ඊට අදාල natural note එකට semitone එකක් ඉදිරියෙන් පිහිටන අතර, flat ස්වරයක් සෑම විටම ඊට අදාල natural note එකට semitone එකක් පිටුපසින් පිහිටයි.
කළු පැහැති යතුරු නම් කිරීම
ස්වර පුවරුව
මත sharp සහ flat ස්වර බොහෝ විට පිහිටන්නේ කළු පැහැති යතුරු
මතයි.
ස්වර පුවරුව
මත සෑම කළු පැහැති යතුරක්ම පිහිටන්නේ සුදු පැහැති යතුරු දෙකක් අතර මැදය. ඕනෑම කළු පැහැති යතුරක් ඒ දෙපස පිහිටි
සුදු පැහැති යතුරු දෙකට අනුව sharp
හෝ flat ලෙස ආකාර දෙකකට නම් කල හැකිය.
උදාහරණයක් ලෙස C සහ D අතර ඇති කළු පැහැති යතුර පිහිටන්නේ C ස්වරයට semitone එකක් ඉදිරියෙනි. එබැවින් එය C sharp (C#) ලෙස නම් කල
හැකිය. එමෙන්ම එය D ස්වරයට semitone එකක් පිටුපසින් තිබෙන බැවින් D flat (Db) ලෙසද නම් කල හැකිය.
C
sharp යන්නෙහි අදහස
C ස්වරයේ සංඛ්‍යාතය
සෙමිටෝන් එකකින් raise කර ඇති බව වන
අතර, D flat යන්නෙහි අදහස
D ස්වරයේ සංඛ්‍යාතය
සෙමිටෝන් එකකින් lower කර ඇති බවයි.
ස්වර පුවරුව මත ඇති ඕනෑම කළු පැහැති යතුරක් ආකාර දෙකකට හැඳින්විය හැකිය.
පහත දැක්වෙන්නේ කළු පැහැති යතුරු සෑම එකක්ම sharp notes ලෙස නම්කර ඇති ආකාරයයි.
පහත දැක්වෙන්නේ කළු පැහැති යතුරු සෑම එකක්ම flat notes ලෙස නම්කර ඇති ආකාරයයි.
Comments
Post a Comment